• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වා දීම
- ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින තදබදය දීර්ඝකාලීන ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. එම ගැටලුවට පිළියමක් වශයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට/බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතුවල සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමට නීති ප්‍රතිපාදන හඳුන්වා දීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත. එකී නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව යෝග්‍ය නීති හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.