• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ VIII වන උපලේඛනය සංශෝධනය කිරීම
- 2022 අංක 7 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මඟින් අවසන් වරට සංශෝධනය කරන ලද 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ VIII වන උපලේඛනය යටතේ වන ශාක වර්ගීකරණ ක්‍රමවේද අනුව ශාක කුල 121ට අයත් ශාක විශේෂ 680කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ශාක ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එහෙත් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි එකී උපලේඛනය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ සඳහා ශාක වර්ගීකරණය සහ නාමකරණය, පරිසර විද්‍යාව, වන ජීවී සංරක්ෂණය හා මානව උද්භිද විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විතව කමිටුවක් පත් කිරීමටත්, එකී කමිටුවේ නිර්දේශ පරිදි වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ VIII වන උපලේඛනය සංශෝධනය කිරීමටත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.