• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
යටත්විජිත යුධ අධිකරණයේ තීන්දුවක් මත වසර 108කට පෙර සිදු කළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම
- ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් යුද අධිකරණයක් හමුවට පමුණුවා, රාජද්‍රෝහී චෝදනාවට වරදකරු කොට, එවකට 27 වියැති එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මැතිතුමා 1915-07-07 දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඩුවමට ලක් කරනු ලැබ ඇත. මිය ගිය හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ දේහය, යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින්, හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය කර තිබේ. එතුමාගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, එම ඝාතනය පිළිබඳව සැබෑ තොරතුරු අනාවරණය කර ගෙන එතුමාට යුක්තිය ඉටු කිරීම පිණිස අදාළ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.