• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එක් එක් අයිතමය මත පදනම්ව Lanka IOC PLC වෙතින් සහ Chevron Lubricant Lanka PLC වෙතින් අදාළ තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම නිර්දේශ කර ඇත. ඒ අනුව, එම සමාගම් දෙක වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.