• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
රංගල පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටසක් ශ්‍රී ලංකා පොලීසිය වෙත අත්කර ගැනීම
- දැනට ගැටගහවෙල වැවිලි සමාගමට අයත් ගොඩනැඟිල්ලක කුලී පදනම මත පවත්වාගෙන යනු ලබන රංගල පොලිස් ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එහි රාජකාරියේ නියුතු නිලධාරින්ට විධිමත් පරිදි සිය රාජකාරි කටයුතු සිදු කිරීමට අපහසු වී ඇත. එබැවින්, රංගල පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා උඩපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් ඩක්වාරි වතුයායෙන් අක්කර 02ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා පොලීසිය වෙත අත්කර ගැනීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.