• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයෙකු පත් කිරීම
- ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීම පිණිස GBS Technology Services & IVS Global - FZCO සහ VFS VF Worldwide Holdings Ltd විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඇගයීම පිණිස ඇගයීම් කමිටුවක් පත් කිරීමට 2023-09-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව පත් කරනු ලැබ ඇති ඇගයීම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ පරිදි කටයුතු කිරීමටත්, නීතිපති විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ අනුව කෙටුම්පත් කරනු ලැබ ඇති අදාළ ගිවිසුමට අත්සන් තැබීමටත් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.