• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් ස්ථාපිත කිරීම
- මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් පසුවිපරම් සහ වාර්තා කිරීමේ ඵලදායී දේශීය ක්‍රියාවලියක් සඳහා ස්ථාවර ජාතික රාමුවක් වශයෙන් කටයුතු කිරීමට හැකි වන පරිදි මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධීකරණ/ප්‍රධාන නියෝජිතායතනය ලෙස කටයුතු කරමින් මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.