• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
මධ්‍යම, උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා පාදක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම
- කොරියානු වොන් බිලියන 2.172ක ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාවේ මධ්‍යම, උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා පාදක සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු සංචාරක සංවිධානය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අතර එකඟතා ගිවිසුමකට එළඹීම පිණිස 2023-01-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය මත සම්පූර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබු නමුත්, කොරියානු සංචාරක සංවිධානයේ නියෝජිතයින් විසින් අදාළ පළාත්වල සංචාරය කිරීමෙන් අනතුරුව නියමු ව්‍යාපෘතියක් වෙනුවට සැලසුම් කර ඇති පරිදි සමස්ත ව්‍යාපෘතිය එකවර ආරම්භ කිරීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි දෙපාර්ශ්වය අතර සංශෝධිත ගිවිසුමකට එළඹීමට ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ කරන ලදී.