• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීම
- සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් සහ කොරියානු ජනරජයේ අදාළ ආයතනවල නියෝජිත කණ්ඩායමක් එක්ව කෙටුම්පත් ගිවිසුමක් සකස් කරනු ලැබ ඇත. එමඟින් රාජ්‍යයන් දෙකෙහිම අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම, පැමිණිලි ගොනු කිරීම සහ අපරාධ මැඩ පැවැත්වීමේ සඵලතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනු ලබයි. එකී ගිවිසුම, දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව දෙරටේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල මඟින් අපරානුමත කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.