• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටුකිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත බලතල පැවරීම
- 1996 දී එවකට සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය යටතේ සහන කටයුතු, පුනරුත්ථාපන කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබ ඇති අතර, එම ආයතනය 2007-01-01 දින සිට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ලෙස නම් කර රාජ්‍ය ආයතනයක් වශයෙන් මේ දක්වා ක්‍රියාත්මකව පවතී. එම මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට හැකි වන පරිදි දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් වෙත අවශ්‍ය බලතල පැවරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.