• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය 2024 වර්ෂයේ සිට රාජ්‍ය අංශය තුළ ක්‍රියාත්මක කිරීම
- 2024 වර්ෂයේ සිට ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය රාජ්‍ය අංශය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩපිළිවෙල මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කරනු ලැබ ඇත. එකී ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස නව ආයතනයක් ස්ථාපනය කිරීමකින් තොරව දැනට පවතින ආයනන පද්ධතිය තුළම ආයතන ව්‍යූහයක් නිර්මාණය කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. එසේම, සිදු කරනු ලබන ඇගයීම්වල නිර්දේශයන් වාර්ෂිකව අමාත්‍ය මණ්ඩලය වෙතත්, ඉන් අනතුරුව අදාළ වන පරිදි පාර්ලිමේන්තුව වෙතත් ඉදිරිපත් කිරීමට සහ ඇගයීම් ක්‍රියාවලිය තුළ විවිධ අවස්ථාවලදී ස්වාධීන තීරණයන්ට එළඹීමට හැකි වන පරිදි නිත්‍ය ජාතික ඇගයීම් කමිටුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ජාතික ඇගයීම් මෙහෙයුම් කමිටුවක් පත් කිරීම සඳහාත්, එම කමිටුවේ ඇගයීම්වලදී අනාවරණය වන කරුණු පිළිබඳ තොරතුරු සහ එහි නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.