• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන
- හඳුනාගත් ඇතැම් අවස්ථානුගත තත්ත්වයන් යටතේ සැකකාර/චූදිත තැනැත්තන් අධිකරණය ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටීමේ අවශ්‍යතාව නඩු විභාගය අතරතුරදී පවා ඉවත් කළ හැකිද යන්න තීරණය කිරීම අපරාධ අධිකරණයට හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සැලසීම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස 2021-09-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කිහිපයක් විසින් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී කරුණු ද සැලකිල්ලට ගනිමින් දැනටමත් කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කර 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධනය කිරීම පිණිස නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.