• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- ශ්‍රී ලංකාව නිරන්තර දේශගුණික විපර්යාසවල බලපෑමට ලක් වන රටක් වන අතර, එය දේශීය ආර්ථික වර්ධනයට බහුවිධ බලපෑම් ඇති කරනු ලබයි. තිරසර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් දේශගුණික විපර්යාසවලින් සිදු වන බලපෑම අවම කිරීමේ ක්‍රියාමර්ග ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත. එමෙන්ම, දේශගුණික අවදානම්, ජාතික ප්‍රමුඛතා, නව නැගී එන ගෝලීය වර්ධනයන්, දේශගුණයට අදාළ වැඩසටහන් යාන්ත්‍රණ සහ අරමුදල්වලින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා 2012 වර්ෂයේදී සකස් කරනු ලැබ ඇති ජාතික දේශගුණික විපර්යාස ප්‍රතිපත්තියේ සැලකිය යුතු යාවත්කාලීන කිරීමක් ද අවශ්‍ය බව වැඩිදුරටත් හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, පරිසර අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වයන්‌‌ගේ ද අදහස් විමසමින්, ජාතිකව නිර්ණය කළ දායකත්වයන්ට, දේශගුණ විපර්යාසවල බලපෑම සඳහා අනුහුරුවීමේ ජාතික සැලැස්මට, පැරිස් ගිවිසුමේ බැඳීම්වලට මෙන්ම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට අනුකූල වන පරිදි යාවත්කාලීන කරනු ලැබ ඇති දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, එකී ප්‍රතිපත්තියට අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.