• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ශ්‍රී ලංකාව සහ කොරියානු සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සඳහා වන සහයෝගිතා ගිවිසුම
- දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට ශ්‍රී ලංකාව සහ කොරියානු සමූහාණ්ඩුව අතර එකඟතාවකට එළඹ ඇත. ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීමටත්, එකී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.