• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම
- විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළව පවතින විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 1927 අංක 26 දරන වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම පිණිස එවකට සෞඛ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව 2023-08-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලද අතර, එහිදී යෝජිත සංශෝධන පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් වෙත යොමු කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම්ව වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.