• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය ස්ථාපනය කරන ලද 1969 අංක 21 දරන පනත සංශෝධනය කිරීම
- මැනුම් හා සිතියම්ගත කිරීමේ ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන පහසුකම් සලසනු ලබන ආයතනයක් වශයෙන් කටයුතු කිරීමට හැකි වන පරිදි මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය ස්ථාපනය කරන ලද 1969 අංක 21 දරන පනත සංශෝධනය කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, උසස් පෙළ ගණිත අංශයෙන් මෙන්ම අනෙකුත් විෂය ධාරාවන්ගෙන් අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාලයට යාමට අවස්ථාව නොලබන සිසුන්ට මැනුම් හා සිතියම්ගත කිරීමේ ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන අවශ්‍යතා නිර්මාණය කරමින් දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට සරිලන ප්‍රායෝගික පුහුණුව සහිත උපාධිධාරින් බිහි කිරීම යෝජිත සංශෝධන මඟින් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, 1969 අංක 21 දරන මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.