• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
කාබන් ශුද්ධ ශූන්‍ය මාර්ග සිතියම සහ උපායමාර්ගික සැලසුම - 2050
- පැරිස් ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති යාවත්කාලීන ජාතිකව නිර්ණය කළ දායකත්ව මඟින් 2050 වර්ෂය වන විට කාබන් ශුද්ධ ශූන්‍ය තත්ත්වය ළඟා කර ගන්නා බවට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ඉලක්කයට ළඟා වීමට හැකි වන පරිදි අදාළ පාර්ශ්වකරුවන් සමඟ සිදු කරනු ලැබ ඇති පුළුල් උපදේශනයන් හරහා විශේෂඥ කණ්ඩායමක් විසින් 2050 වන විට කාබන් උදාසීන රටක් බවට පත්වීම පිණිස අවශ්‍ය වන හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ කාබන් තිර කිරීම වැඩි කිරීම සඳහා විභවයක් ඇති ක්‍රියාමාර්ග හඳුනාගෙන 2050 වර්ෂය වන විට කාබන් ශුද්ධ ශූන්‍ය මාර්ග සිතියම සහ උපායමාර්ග සැලැස්ම සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී මාර්ග සිතියම සහ උපායමාර්ගික සැලස්ම ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.