• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර උසස් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සහයෝගීතාවන් සඳහා ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ නේපාල රජය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ, පුළුල් කිරීමේ හා දෙරටේ උසස් අධ්‍යාපන ආයතන අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, උසස් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සහයෝගීතාවන් සඳහා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය සඳහා දෙරට අතර සිදු කෙරෙන පුහුණු වැඩසටහන් මෙන්ම උසස් අධ්‍යාපන ක්‍රමයට අදාළ විෂය මාලා සහ විද්‍යාත්මක හා අධ්‍යාපනික ක්‍රමවේද හුවමාරු කර ගැනීමටත්, දෙපාර්ශ්වය විසින් පවත්වනු ලබන උසස් අධ්‍යාපන සම්මේලන හා සම්මන්ත්‍රණ සඳහා සහභාගි වීමටත් අවස්ථාව හිමිවේ. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ නේපාල රජය අතර යෝජිත ගිවිසුම සඳහා අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.