• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (iRoad Programme) අවසන් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් අරමුදල් සපයා ගැනීම
- ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්‍රියාත්මක කරන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (iRoad Programme) යටතේ වූ ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති අරමුදල් නොලැබීම හේතුවෙන් අත්හිටුවා තිබේ. මේ සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පවත්වනු ලැබ ඇති අතර, එම ව්‍යාපෘතිය යටතේ කඩිනමින් නිම කළ යුතු සංරචකයන් නිම කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ ණය ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.