• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ආයෝජන මණ්ඩලයේ නොවන දැනට පවත්නා සමාගම්/1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනතේ 16 වන වගන්තිය යටතේ අනුමත සමාගම් සඳහා 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලබා දීම
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතට නොගැනෙන දැනට පවත්නාගෙන යනු ලබන ව්‍යාපාරයන් එකී මණ්ඩලය යටතට පත් කිරීමෙන් අනතුරුව එවැනි ව්‍යාපාරයන්හි ආයෝජනය කිරීම පිණිස ආයෝජකයන්ගේ නැඹුරුවක් පවතින බව පෙනී ගොස් ඇත. විශේෂයෙන්ම සිය ව්‍යාපාරයන්ට ලැබෙන පිළිගැනීම හා ආරක්ෂාව හේතු කොට ගෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්ගත වීමට විදේශ ආයෝජකයින් විසින් උනන්දුවක් දක්වනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට කටයුතු කිරීමට හැකි වන පරිදි විධිවිධාන හඳුන්වා දෙමින් ආයෝජන මණ්ඩල පනතේ 24 වන වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන විෂයභාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2023-06-01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් නියෝගයක් පනවනු ලැබ ඇත. එකී නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.