• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ සාකච්ඡා
- යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව පවත්වනු ලබන සාකච්ඡා 2023 දෙසැම්බර් මාසය වන විට අවසන් කර අදාළ ගිවිසුම 2024-02-03 දින අත්සන් තැබීමට අපේක්ෂා කරනු ලබයි. එකී සාකච්ඡාවන්හි 06 වන සහ 07 වන වටයන්හිදී එළඹෙන ලද එකඟතා අනුව, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2022 මත පදනම්ව වසර 15ක කාලයක් තුළ සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් 80%ක් ලිහිල් කිරීමටත්, වසර 15 18ක කාලය තුළ සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් 5%ක් අර්ධ වශයෙන් ලිහිල් කිරීමටත්, සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් ඉතිරි 15% ඍණ ලැයිස්තුවට ඇතුළත් කිරීමටත් හැකි වන පරිදි සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහන ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.