• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත හඳුන්වා දීම
- භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උපරිමයෙන් සුරක්ෂිත කරමින් ප්‍රශස්ත මාධ්‍යකරණයක් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව 2022-09-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදී. එහිදී, යෝජිත පනත් කෙටුම්පත සකස් කිරීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රතිපත්තිමය කරුණු කවරේ ද යන්න පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලද අතර, එකී කමිටුව විසින් යෝජිත විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස පදනම් කර ගැනීම සඳහා සුදුසු විධිවිධාන සහිතව මූලික කෙටුම්පතක් පිළියෙල කර තිබේ. එකී මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.