• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ නියුක්ත කරවීම පිළිබඳ ශ්‍රී ලංකා ජනරජය සහ ඊශ්‍රායල් රජය අතර ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම
- ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ නිශ්චිත ශ්‍රම වෙළෙඳපොළ අංශවල තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ඊශ්‍රායල් රජය සමඟ ගිවිසුමකට එළඹීමටත්, ඒ සඳහා දෙපාර්ශ්වය අතර මූල ලේඛයකට අත්සන් තැබීමටත් 2020-02-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ගිවිසුමට අදාළව, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට එරට ජනගහන, සංක්‍රමණ සහ දේශ සීමා අධිකාරිය අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සඳහා 2023-11-06 දින දෙපාර්ශ්වය අතර අත්සන් කරන ලද බව සඳහන් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.