• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
නුවරඑළිය එලිසබෙත් රැජින මාවතේ පිහිටි "පැරණි සී බෑන්ක් රෙස්ට් (Cey Bank Rest) ගොඩනැගිල්ල හා ඉඩම" සංවර්ධනය කර පවත්වාගෙන යාම
- නාගරික සංවර්ධන අධිකාරියට අයත් නුවරඑළිය එලිසබෙත් රැජින මාවතේ පිහිටි පැරණි සී බෑන්ක් රෙස්ට් (Cey Bank Rest) ගොඩනැගිල්ල හා ඉඩම නැවත සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ගෙන් තරගකාරී ආයෝජන යෝජනා කැඳවා ඇත. ඉදිරිපත් වූ යෝජනා ඇගයීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව‍ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව අදාළ දේපළ වසර 50ක බදු කාලසීමාවක් සඳහා කොලොනියල් ප්‍රොපටීස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.