• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
මාස හයේ සිට අවුරුදු තුන දක්වා ළමුන් සඳහා ත්‍රිපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන් සඳහා වන ඇෆ්ලාටොක්සින් කඩඉම් මට්ටම් සංශෝධනය කිරීම
- සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන යටතේ මාස 06 සිට අවුරුදු 05 දක්වා අඩු පෝෂණ තත්ත්වයක් ඇති දරුවන් සඳහා අතිරේක ආහාරයක් වශයෙන් ද ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට අතිරේක පෝෂ්‍ය පදාර්ථයක් වශයෙන් ද 'ත්‍රිපෝෂ' ලබා දීම සිදු කරයි. එහෙත්, 1980 අංක 26 දරන ආහාර පනත යටතේ පවතින රෙගුලාසිවල නියම කර ඇති සම්පූර්ණ ඇෆ්ලාටොක්සින් සඳහා වන දැඩි කඩඉම් මට්ටම් හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු ලබා ගැනීම දුෂ්කර වී ඇත. එබැවින්, ජාත්‍යන්තරව පිළිගත් අතිරේක ආහාරවල පවතින ඇෆ්ලාටොක්සින් මට්ටම වන B1 වර්ගය සඳහා 5 ppb මට්ටම සහ සමස්ත ඇෆ්ලාටොක්සින් මට්ටම 10ppb යන කඩඉම් මට්ටම් අදාළ කර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.