• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියානු පුවත්පත් මණ්ඩලය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- විෂයානුබද්ධ වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම මඟින් ජනමාධ්‍යවේදීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම, දෙපාර්ශ්වය අතර සම්පත් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජනමාධ්‍ය ආචාරධර්ම වර්ධනය කිරීමට අදාළ ක්‍රියාකාරකම් සහ ජනමාධ්‍ය නිදහස හා සාමකාමී ජනමාධ්‍ය භාවිතයක් ප්‍රචලිත කිරීම වැනි ක්ෂේත්‍රයන්ට අදාළව දෙපාර්ශ්වය අතර සහයෝගීතාව පිණිස ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියානු පුවත්පත් මණ්ඩලය අතර වසර 05ක කාලයක් සඳහා 2018-11-16 දින අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇත. එකී ගිවිසුමේ කාලසීමාව මේ වන විට ඉකුත් වී ඇති බැවින් තවත් වසර 05ක කාලයක් සඳහා නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන යෝජිත කෙටුම්පත් ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.