• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර හවුල් ගිවිසුමකට එළඹීම
- ධාරිතා සංවර්ධනය කිරීම, පර්යේෂණ සහයෝගීතා ගොඩනඟා ගැනීම හා සුහුරු කෘෂිකර්මාන්තයට අදාළ නවෝත්පාදන සහ බිම් මට්ටමේ යෙදවුම් සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර හවුල් ගිවිසුමකට එළඹීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇත. ඒ සඳහා වන යෝජිත කෙටුම්පත් ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව සහ නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.