• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා ගැනීම
- පහත සඳහන් ආඥාව සහ නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(i) 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ විධිවිධාන පරිදි අංක 2347/06 දරන 2023-08-29 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ආදායම් සංරක්ෂණ ආඥාව.

(ii) 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ වන විධිවිධාන පරිදි ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පහත සඳහන් ගැසට් නිවේදනයන් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන නියමයන්:

* අංක 2343/11 දරන 2023-08-01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමය.

* අංක 2345/64 දරන 2023-08-17 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමය.

* අංක 2346/16 දරන 2023-08-21 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමය.

* අංක 2348/44 දරන 2023-09-08 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමය.

* අංක 2353/77 දරන 2023-10-14 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමය.