• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
වංචා වැළැක්වීමේ ආඥා පනත සඳහා සංශෝධන
- 2022 අංක 29 දරන අන්තිම කැමති පත්‍ර (සංශෝධන) පනතට සහ 2022 අංක 31 දරන නොතාරිස් (සංශෝධන) පනතට හඳුන්වා දෙන ලද සංශෝධනවලට අනුකූලව 2022 අංක 30 දරන පනත මඟින් වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කරනු ලැබ ඇත. 2022 අංක 31 දරන නොතාරිස් (සංශෝධන) පනතේ පැන නැගී ඇති අවිනිශ්චිත අර්ථ ව්‍යාකූලතා/සංකූලතා මග හරවා ගැනීම පිණිස එම සංශෝධන පනත තවදුරටත් සංශෝධනය කිරීමටත්, ඊට සමගාමීව වංචා වැළැක්වීමේ ආඥාපනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමටත් 2023-05-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.