• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කිරි මණ්ඩල මාවතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම
- ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සංවර්ධනය කරන ලද අක්කර 05ක පමණ විශාලත්වයෙන් යුත් ඉඩමක් නාවල කිරි මණ්ඩල මාවතේ පවතින අතර, එය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, පළමු අදියරේදී එකී ඉඩමෙන් අක්කර 2.67ක භුමි ප්‍රමාණයක සහ දෙවන අදියරේදී ඉතිරි අක්කර 2.33ක භුමි ප්‍රමාණයේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උනන්දුවක් දක්වන ආයෝජකයින්ගෙන් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.