• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අසලින් මැරීන් ඩ්‍රයිව් මාර්ගය හරහා ඉදි කර ඇති පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීම
- බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වෙත ප්‍රවේශ වීම සඳහා මැරීන් ඩ්‍රයිව් මාර්ගය හරහා ඉදි කර ඇති පදික පාලම්වල අවදානම් තත්ත්වය සලකා තාවකාලික පියගැටපෙළවල් ඉදිකිරීමේ සහ කඩිනමින් පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, හදිසි මෙන්ම අත්‍යවශ්‍ය ඉදිකිරීමක් වන එකී පාලම් ප්‍රතිනිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව මාස හයක (06) කාලසීමාවක් තුළ නිම කිරීමේ කොන්දේසියට යටත්ව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත පැවරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.