• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීම හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබා දීම
- විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 97ක ගේ නිවාස අහිමි වී ඇති බැවින් ඔවුන් වෙත විකල්ප ඉඩම් ලබා දිය යුතුව ඇත. ඒ සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 10.11ක් පමණ වූ රජයේ ඉඩමක් හඳුනාගෙන තිබේ. එම ඉඩමේ නේවාසික භාවිතය සඳහා‌ බිම් කොටස් 126ක් හඳුනාගෙන ඇති අතර, මේ වන විට නිවාස අහිමි වූ පවුල් 97න් පවුල් 84ක් සඳහා බිම් කොටස් වෙන් කර දී ඇත. මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා හම්බන්තොට සිරිබෝපුර පිහිටි හෙක්ටයාර 10.11ක් පමණ වූ රජයේ ඉඩමෙන් ඉඩම් කොටස් වෙන් කර දීමටත්, එකී ඉඩම් කොටස් සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ මග පෙන්වීම යටතේ නීත්‍යානුකූල දීමනා පත්‍ර නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.