• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් සහ එම අනුකමිටුවට සහාය වීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇති අතර, එම විශේෂඥ කමිටුව විසින් අදාළ විශේෂිත ක්ෂේත්‍ර සහ විෂයගත කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කෙටුම්පත් කර තිබේ. එකී කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් කරමින් තවදුරටත් වැඩිදියුණු කර "ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව - 2023-2033" සකස් කර ඇත. එකී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.