• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2024-01-15 දින සිට 2024-06-14 දින දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් දින 30කින් ගෙවීමේ පදනම මත ණයවර ලිපියක් මඟින් මිල දී ගැනීම සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
- 2024-01-15 දින සිට 2024-06-14 දින දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් දින 30කින් ගෙවීමේ පදනම මත ණයවර ලිපියක් මඟින් මිල දී ගැනීම සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත. එකී ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදනය M/s Coral Energy DMCC, UAE වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.