• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත
- ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර මූල්‍ය සහ ජාත්‍යන්තර වෙළඳාමට අදාළ වන පර්යේෂණ සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අවකාශයක් වශයෙන් ක්‍රියාත්මක වීම, එකී ක්ෂේත්‍රවල අතිනවීන පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කිරීම, ආර්ථික, මූල්‍ය සහ වෙළෙඳ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා අදහස් ලබා දීමෙන් දායක වීම සහ ජාත්‍යන්තර හා කලාපීය වෙළෙඳ ප්‍රතිපත්ති ඒකාබද්ධතා ඵලදායීව ප්‍රවර්ධනය කිරීම යන අරමුණු සහිතව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මින් පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.