• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා අභිමන් - ජාතික කලා උළෙල
- පොදු ජනතාවගේ රස වින්දනය හා විනෝදාස්වාදය වර්ධනය උදෙසා විවිධ සංස්කෘතික අංගයන් එක්තැන් කරමින් 2023 දෙසැම්බර් මස 30, 31 සහ 2024 ජනවාරි මස 01 යන දිනවලදී ‘ශ්‍රී ලංකා අභිමන් - ජාතික කලා උළෙල’ පැවැත්වීමට යෝජනා වී ඇත. ඒ අනුව, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවත සහ ඒ ආශ්‍රිතව පිහිටි නෙළුම් පොකුණ රඟහල, ජාතික කලාභවන, ජෝන් ද සිල්වා සමරු රඟහල, විහාරමහාදේවි උද්‍යානය, නව නගර ශාලාව සහ ජාතික කෞතුකාගාරය ආශ්‍රිත පරිශ්‍රයන් කේන්ද්‍ර කර යෝජිත කලා උළෙල පැවැත්වීමට සැලසුම් කර තිබේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ‘ශ්‍රී ලංකා අභිමන් - ජාතික කලා උළෙල’ පැවැත්වීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.