• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශය
- රාජ්‍යයන් සහ වාණිජ ආයතන අතර ඇති වන මතභේද විසඳීම සඳහා ගිවිසුම් පදනම් කරගත් සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීම පිණිස චීන රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, චීන රජය විසින් උනන්දුවක් දක්වන රටවල් සමඟ සාකච්ඡා කර ඇති අතර එකී මූලික සාකච්ඡා කිහිපයකට ශ්‍රී ලංකාව ද සහභාගි වන ලදී. යෝජිත සංවිධානය ස්ථාපිත කිරීම සඳහා වන මූලික ඒකාබද්ධ ප්‍රකාශය 2022 ජූලි මාසයේදී නිකුත් කර ඇති අතර, එම ඒකාබද්ධ ප්‍රකාශය චීනය ඇතුළු රටවල් 10ක් පමණ අනුමත කරනු ලැබ ඇත. එකී ඒකාබද්ධ ප්‍රකාශය ශ්‍රී ලංකාව විසින් අනුමත කිරීම සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන වෙතින් අදහස් ලබාගෙන ඇති අතර, ඒකාබද්ධ ප්‍රකාශය අනුමත කිරීම මඟින් දැනට ශ්‍රී ලංකාව එළඹ ඇති ජාත්‍යන්තර වගකීම්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශය අනුමත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.