• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා Room to Read සංවිධානය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුම
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ‘නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවකදීම සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීමට’ ශ්‍රී ලංකා රජය බැඳී සිටී. එකී කාර්යයේදී රජය විසින් සියලු පහසුකම් සැපයීම ප්‍රායෝගිකව අපහසු කාර්යයක් වන බැවින් වෙනත් පාර්ශ්වයන්ගේ ද සහාය ඒ සඳහා ලබා ගනු ලබයි. ඒ අනුව, 2005 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් Room to Read සංවිධානය හා එක්ව කියවීම වර්ධනය කිරීමේ වැඩසටහන සහ ගැහැනු ළමයින්ගේ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම වැඩසටහන තවදුරටත් පුළුල් කර 2023-12-01 දින සිට වර්ෂ පහක (05) කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ Room to Read සංවිධානය අතර නව අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.