• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපන සහයෝගීතාව සඳහා සහ චීන භාෂා මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් ගිවිසුම්වලට එළඹීම
- ජාත්‍යන්තර සහයෝගීතාව, විද්වත් සහයෝගීතාව, සංස්කෘතික අන්තර්ක්‍රියා හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන උසස් අධ්‍යාපන සහයෝගීතාව සඳහා චීනයේ ෂැංහයි විවෘත විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, එකී අවබෝධතා ගිවිසුමේ සහයෝගීතා ක්ෂේත්‍ර යටතේ චීන භාෂා මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ෂැංහයි විවෘත විශ්වවිද්‍යාලය සහ සීමාසහිත බෑන්ක් ඔෆ් චයිනා අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමකට අත්සන් තැබීමටත් අදාළ පාර්ශ්වයන් විසින් එකඟතාවට පැමිණ ඇත. ඒ අනුව, වසර පහක (05) කාලයක් සඳහා වලංගු වන පරිදි අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.