• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම
- කම්කරු හා විදේශ රැකියා ඇමතිතුමා විසින් වෘත්තීය සමිති, හාම්පුතුන් හා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර වර්තමානයට ගැළපෙන ප්‍රතිපාදන සහිතව නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා පිළියෙල කරන ලද සංකල්ප පත්‍රිකාව 2023-08-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදී. එකී සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් තවදුරටත් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන සේව්‍ය, සේවක සහ රජය නියෝජනය වන ත්‍රෛපාර්ශ්වික කමිටුව වෙත යොමු කිරීමට එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වී ඇති එකී කමිටුව අදාළ සංකල්ප පත්‍රිකාව අධ්‍යයනය කර අවධානය යොමු විය යුතු කරුණු සම්බන්ධයෙන් නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදුව, එකී නිර්දේශ සහ කම්කරු හා විදේශ රැකියා ඇමතිතුමා විසින් මෙම කරුණට අදාළව ඉදිරිපත් කරන ලද සංකල්ප පත්‍රිකාව පදනම් කර ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට තීරණය කරන ලදී.