• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබා දෙනු ලබන ප්‍රදානය
- ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවරයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා මුහුදු නිෂ්පාදනවල ඉහළ අගය එකතු කිරීමක් තහවුරු කිරීම පිණිස ශීතාගාර පහසුකම් සංවර්ධනය කිරීමත්, නවීන විද්‍යුත් උපකරණවලින් ධීවර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමත් අරමුණු කර ගනිමින්, ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 200ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 435ක) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. එම ප්‍රදානය යටතේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහා අයිස් නිෂ්පාදන යන්ත්‍ර, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩිජිටල් කිරුම් තරාදි, ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහා ධීවර දැල්, ශ්‍රී ලංකා ධීවර සංස්ථාව සඳහා පෙර සැකසූ ශීතකරණ/අධි ශීතකරණ සහ අධි ශීතකරණ සහිත ට්‍රක්රථ සපයා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීමටත්, ඊට අදාළ ගිවිසුම්වලට එළඹීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.