• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලැබිය යුතු ආදායම අහිමි කරමින් මඟීන් හා වෙනත් පාර්ශ්ව විසින් සිදු කරන වැරදිවලට එරෙහිව නීතිමය පියවර ගැනීම පිණිස ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන සලසා ගැනීමේ අවශ්‍යතාව සහ 2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත හඳුන්වා දීමෙන් පසු මගී ප්‍රවාහන සේවය තුළ සිදුව ඇති නව ප්‍රතිසංවිධානයන් හා ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් එම පනතේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, 2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.