• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ආසියානු සංවර්ධන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 165ක මූල්‍ය සහාය සහිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනදායී පොලී අනුපාතයන් යටතේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ණය සැපයීම සඳහා රජය විසින් ‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එසේම, බැංකු විසින් මුදල් ප්‍රවාහය මත පදනම් වූ ණය ලබා දීම්වලට වඩා ඇපකර මත පදනම් වූ ණය ලබා දීමට ප්‍රමුඛතාව දැක්වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලුවලට පිළියමක් වශයෙන් ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනු ලැබ තිබේ. සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් ‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය’ යනුවෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස රජය විසින් සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීම පිණිස සහ ඊට අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.