• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීම
- ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශ්වකරුවෙකු වන අතර සංචාරක පැමිණීම් ගමනාන්තයන්හි 05 වැනි මූලාශ්‍රය වේ. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්ම සහිතව 2017-11-02 දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුමකට අත්සන් තබා ඇත. එම ගිවිසුමේ සඳහන් පරිදි වෙළෙඳ හා ආයෝජන සහයෝගිතාව තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු පිණිස 2023-10-10 දින සිට ඉදිරි පස් (05) වසර සඳහා එකී ගිවිසුම දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.