• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සහාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සහාව සහ ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය අතර නිෂ්පාදන ධාරිතාවය සහ ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය අතර එකඟතාව පළ වී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.