• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"සුරක්ෂිතලත් ගනුදෙනු" යන නමින් හැඳින්වෙන පනත් කෙටුම්පත
- 2009 අංක 49 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පනත පරිච්ඡින්න කර සුරක්ෂිතලත් ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන පනවමින් නව පනතක් හඳුන්වා දීමටත්, ඊට සමගාමීව පහත සඳහන් පරිදි පනත් සංශෝධනය කිරීමටත් 2019-05-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

* කාලාවරෝධ (සංශෝධන) පනත් කෙටුම්පත
* භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත
* උකස් (සංශෝධන) පනත් කෙටුම්පත
* කල්බදු මූල්‍යකරණ (සංශෝධන) පනත් කෙටුම්පත
* දේශීය භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත
* සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත
* ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත් පිළිබඳව තවදුරටත් අදාළ බලධාරින් සමඟ අධ්‍යයනය කරන ලෙස 2021-05-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් ලබා දී තිබේ. අදාළ පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක මඟින් යාවත්කාලීන කර, ඒ සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනයන් ද ලබාගෙන ඇත. එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.