• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකස් කිරීම
- දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නවවන උපලේඛනයේ 1 ලැයිස්තුවේ II පරිශිෂ්ඨය අනුව ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බවට වන විධිවිධාන පනවනු ලැබ ඇත. ඒ අනුව, එකී කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.