• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 අංක 01 දරන ගුවන් ගමන් සංතරණ පහසුකම් ගාස්තු රෙගුලාසි
- කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපය හරහා පියාසර කරනු ලබන ගුවන් යානා සඳහා ගුවන් සංතරණ ගාස්තුවක් පැනවීමට හැකි වන පරිදි 1981 වර්ෂයේදී ගුවන් ගමන් සංතරණ පහසුකම් රෙගුලාසි පනවනු ලැබ ඇත. එකී රෙගුලාසි පසුගිය කාලසීමාව තුළ සංශෝධනය කර නොමැත. එබැවින්, ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානයේ ප්‍රතිපත්ති හා වර්තමාන ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගෙන ගුවන් ගමන් සංතරණ පහසුකම් රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එකී නව රෙගුලාසි 2023 අංක 01 දරන ගුවන් ගමන් සංතරණ පහසුකම් රෙගුලාසි වශයෙන් අංක 2319/64 හා 2023-02-16 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති රෙගුලාසි පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.