• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය වැවිලි සමාගම්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු ඉඩම්වල වට මැනුම් කටයුතු සිදු කර කඩඉම් සිතියම් සකස් කිරීම
- ප්‍රාදේශීය වැවිලි සමාගම්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු ඉඩම්වල වට මැනුම් කටයුතු සිදු කර කඩඉම් සිතියම් සකස් කිරීමේ ව්‍යාපෘතිය 2018 දී ආරම්භ කරනු ලැබ ඇති අතර, මේ වන විට අදාළ ඉඩම් ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය වන පරිදි මැනුම් කටයුතු සිදු කරනු ලැබ ඇත. තවදුරටත් මැනුම් කටයුතු සිදු කිරීමට ඉතිරිව ඇති ඉඩම් ප්‍රමාණය ද ආවරණය කිරීමට හැකි වන පරිදි එම ව්‍යාපෘතිය 2027 වර්ෂය දක්වා දීර්ඝ කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.