• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීම
- පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත ප්‍රමාණවත් පරිදි ජලය සම්පාදනය කර ගැනීමට නොහැකි වීම නිසා 2023 යල කන්නයේ අක්කර 58,770ක පමණ වී සහ වෙනත් භෝග වගා හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොවීන් 53,965ක් පමණ බලපෑමට ලක්ව ඇත. එලෙස බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, රජය මුහුණ පා ඇති අති දුෂ්කර මූල්‍ය තත්ත්වය යටතේ වුවද දැනට ක්‍රියාත්මකව පවතින වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ බලපෑමට ලක් වී ඇති ගොවීන්ට වන්දි ගෙවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.